ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් ලබන 3 වනදා සියළු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
එදින මත්පැන් අළෙවි කිරීම සදහා බලපත්‍ර ලබාදී ඇති ස්ථාන සම්බන්ධයෙන් සොයා බැලීමට සහ නීතිවිරෝධී මත්පැන් අළෙවි කරන ස්ථාන වැටලීමට සුරාබදු නිලධාරීන් යොදවන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ සදහා සුරාබදු ස්ථාන 58 ක නිලධාරීන් දහසක් එදින සේවා කටයුතු සදහා යොදවන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.