Friday, February 14, 2025

General line - 0115112241

අද රාත්‍රියේ ප්‍රදේශ රැසකට තද වර්ෂාපතනයක්




දිවයිනේ ප්‍රදේශ රැසකට අද (01) රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරුමැද යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ත් 100 ත් දක්වා තරමක තද වැසි ඇති විය හැකි බවයි.

හෙට (02) දිනයේ ද සවස 02.00 න් පසුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව යන පළාත්වලටත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වනවා. තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.