Friday, February 14, 2025

General line - 0115112241

ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව 17 දක්වා ඉහළට

දිනුක් හේවාවිතාරණ




නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ සඳහා අද (01) දිනයේදී අපේක්ෂකයින් සිව්දෙනෙක් ඇප මුදල් තැන්පත් කරනු ලැබූ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කර සිටිනවා.

ඒ අනුව ජාතික ජනබල ව්‍යාපාරය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක සිය ඇප මුදල් අද තැන්පත් කරනු ලැබුවා. ඊට අමතරව සමන්සිරි හේරත්, සරත් කීර්තිරත්න සහ අනුරුද්ධ පොල්ගම්පල යන අපේක්ෂකයින් ස්වාධීන අපේක්ෂකයින් ලෙස ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට ඇප මුදල් තැන්පත් කරනු ලැබූ බවයි මැතිවරණ මහලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ.

මේ දකවා ඉදිරි ජනාධිපතිවරණ සඳහා මේ වන විට අපේක්ෂකයින් 17 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර ඇත. එලෙස ඇප තැන්පතු කරනු ලැබූ අපේක්ෂකයින් අතර 09 දෙනෙක් පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරනු ලබන අතර ඉතිරි අපේක්ෂකයින් 08 දෙනා ස්වාධින අපේක්ෂකයින් වනවා.