Friday, February 14, 2025

General line - 0115112241

ලීටර් 7 ක්ව තිබූ විදෙස් මත්පැන් ළඟ තබා ගැනීමේ සීමාව ලීටර් 80 ක් දක්වා ඉහළට




සද්භාවයෙන් යුතුව කිසියම් පුද්ගලයෙකුට විදේශ මත්පැන් ප්‍රවාහනය කිරීම සහ ළග තබා ගැනීමට හැකි උපරිම සීමාව ලීටර් අසූවක් දක්වා ඉහළ දමා තිබෙනවා. මීට පෙර එහි සීමාව වූයේ ලීටර් 7.5 ක්. විදේශීය මත්පැන් සිල්ලරට විකිණීමේ උපරිම සීමාව ද ලීටර් අසූවක් දක්වා ඉහළ දමා ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ. මෙම නව නිතිය ඉකුත් සැප්තැම්බර් 27 වනදා සිට ක්‍රියාත්මකයි. 

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මීට පෙර ලීටර් 7.5 ක් වූ උපරිම සීමාව ඉක්මවා විදේශීය මත්පැන් ළග තබා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයෙකුගේ බලපත්‍රයක් ලබාගත යුතුව තිබුණා.