Friday, February 14, 2025

General line - 0115112241

අපේක්ෂත්වය භාර ගත්තේ කොන්දේසි විරහිතවයි : අමාත්‍ය සජිත් ප්‍රේමදාස

දිල්ශාන් තුෂාර




ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමේදී තමන් කිසිදු කොන්දේසියකට එකඟ නොවූ බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අද (01) යළි අවධාරණය කළා. ඒ, කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි. 

මෙහිදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියේ පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ ලබාදීම තම අපේක්ෂාව බවයි.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය තලතා අතුකෝරළ පැවසුවේ, ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ හිටපු සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් සම්බන්ධයෙන් පියවර ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.