තම ඉල්ලීම්වලට මෙතෙක් පිළිගත හැකි විසඳුමක් නොලැබීම හේතුවෙන් වර්ජනය අත් නොහරින බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පැවසුවේ අද (01) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලැබුණු තීරණය පිළිගත නොහැකි බවයි.
එහෙත්, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ නෙත් නිවුස් වෙත ප්‍රකාශ කලේ වැටුප් විෂමතා ඇතුළු වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති කළ ඉල්ලීම් ඇතුළත් කැබිනට් පත්‍රිකාවට අද කැබිනට් අනුමැතිය හිමි වූ බවයි. ඒ අනුව දුම්රිය සේවාව සංවෘත සේවාවක් කිරීමට කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමි වූ බව ඔහු කියා සිටියා. කෙසේ වෙතත් දුම්රිය සේවකයින් තවදුරටත් වර්ජනයේ නිරත වීම සම්බන්ධයෙන් නෙත් නිවුස් රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගෙන් විමසීමක් කළා.
දුම්රිය සේවකයින් මෙලෙස වර්ජනයේ නිරත වන්නේ 06 වන දිනටයි.