ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පරාජයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේම ප්‍රබලයින් කටයුතු කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න පවසනවා. ඔහු ප්‍රකාශ කළේ, එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය මේ වනවිට උත්සන්න වෙමින් ඇති බවයි.
මෙම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ ද අදහස් පළ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත්වීම වැළැක්වීමට එක්සත් ජාතික පක්ෂය විවිධ උපක්‍රම සිදු කරමින් සිටින බවයි.
මෙම අදහස් පළ කෙරුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි.