මහජන චීන සමූහාණ්ඩුව ගොඩ නගා වසර 70 ක් සපිරෙන අද දිනයේ හොංකොංහි දැවැන්ත විරෝධතා ආරම්භ වී තිබෙනවා. සුපුරුදු පරිදි විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. විරෝධතාකරුවන් විසිරුවා හැරීමට කදුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් ද එල්ල කර ඇතැයි සඳහන්. ඇතැම් පිරිස් චීන ධජවලට ගිනි තබන ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
1949 වසරේ ඔක්තෝම්බර් පළමුවනදා, මා ඕ සේතුංගේ නායකත්වයෙන් කමියුනිස්ට් මහජන චීන සමූහාණ්ඩුව බිහි වනවා. ඉන් පසුව බිහි වූ ප්‍රබලතම නායකයා ලෙස සැලකෙන්නේ වත්මන් ජනාධිපති ෂී ජින් පින්.
චීනය සිය 70 වන සංවත්සරය වෙන් කර තිබුණේ රට තුළ ඇති හමුදා ශක්තිය ලොවට ප්‍රදර්ශනය කිරීම ප්‍රමුඛ කරගනිමින්.