ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර විශේෂ සාකච්ජාවක් පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
ජනාධිපතිවරයා ගේ මළලසේකර මාවතේ පිහිටි නිල නිවසේදී පැවති මෙම සාකච්ජාව පැයකට ආසන්න කාලයක් පැවති බවයි වාර්තා වන්නේ.
එම සාකච්ජාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සන්ධානය සම්බන්ධයෙන් වන ලකුණ සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම සාකච්ජාව සඳහා ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ පමණක් එක්ව තිබෙනවා.