ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට අප්‍රේල් මස 30 වනදා දක්වා පළමු මාස 04 ට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මෙලෙස අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන්නේ අදාළ කාලය තුළ රජයේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමේ අරමුණින්.
නොවැම්බර් 16 වනදා ජනාධිපතිවරණය පැවැත්වෙන බැවින් ලබන වසර සදහා විසර්ජන පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා තෙක් මෙලෙස අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.