ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුලු විධායක දීමනාව හිමි සියලු නිලධාරීන්ට සේවා කාලය නොසලකා රුපියල් පහළොස්දහසක පොදු දීමනාවක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මීට පෙර, සේවා කාලය මත පදනම්ව රුපියල් තුන්දහසේ සිට රුපියල් පහළොස්දහසත් අතර වූ විධායක දීමනාවක් ගෙවනු ලැබුවා. එය, සේවා කාලය නොසලකා පොදුවේ ලබා දීමටයි තීරණය කර ඇත්තේ.
දුම්රිය සේවය මෙන්ම ගුරු හා විදුහල්පති යන සේවාවන් සඳහා සාධාරණ වැටුප් තලයන් ලබා දීමට, සංවෘත සේවාවක් බවට පත් කිරීමට සහ සුදුසු වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට ද නියමිතයි.