ජනාධිපතිවරණයේ නාම යෝජනා කැඳවීම ඔක්තෝම්බර් 07 වැනිදා සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. සැප්තැම්බර් 09 වැනිදා ආරම්භ වූ ඇප මුදල් තැන්පත් කිරීම ඔක්තෝම්බර් 06 වැනිදා දහවල් 12.00 ට අවසන්වීමට නියමිතයි.
මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂිත යම් අපේක්ෂකයෙකු හෝ පක්ෂයක් ප‍්‍රවර්ධනය වන ලෙස මාර්ග දෙපස ඇති ඩිජිටල් නාමපුවරුවල සිදු කරන ප‍්‍රචාරණ කටයුතු මැතිවරණ කොමිෂන් සභාව විසින් තහනම් කර තිබෙනවා.
එමෙන්ම සිනමාශාලා තුළ මැතිවරණ ප‍්‍රචාරණය ද සපුරා තහනම් බවයි ප‍්‍රකාශ කළේ. එවැනි ප‍්‍රචාරක කටයුතුවල නියැලෙන පුද්ගලයින්ට එරෙහිව මැතිවරණ නීතිය යටතේ පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක පැවසුවා.
මේ අතර සමාජ මාධ්‍ය ජාලා හා වෙබ් අඩවි තුළ මූලාශ‍්‍ර නොමැති පුවත් ප‍්‍රචාරය වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පැවසුවේ.
ජනාධිපතිවරණ සමයේ එවැනි අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය නොකරන ලෙසත්, මූලාශ‍්‍ර නොමැති පුවත් පිළිනොගන්නා ලෙසත්, ඔවුන් ඉල්ලා සිටිනවා.