Friday, February 14, 2025

General line - 0115112241

ගෝඨාගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කළ පෙත්සම සලකා බැලීම අද

තරංග රුක්ෂාන්/දිල්ශාන් තුෂාර




ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම අද (02) සලකා බැලීමට නියමිතයි.

මෙම පෙත්සම ඉකුත් 30 වැනිදා අභියාචනාධිකරණයේ ගොනුකළේ සිවිල් සමාජ කි‍්‍රයාකාරිකයින් දෙදෙනෙක් විසින්. එහිදී තීරණය කෙරුණේ අද, හෙට (03) සහ අනිද්දා (04) මෙම පෙත්සම සලකා බැලීමටයි. 

මේ අතර  ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මෙරට පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් පවරා ඇති නඩුව පදනම් විරහිත කරුණු මත ගොනුකර ඇති බව නීතීඥයින් දැනුම් දුන්නේ යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසනවා. ඔහු ප‍්‍රකාශ කළේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග‍්‍රහණය පිළිබඳ ප‍්‍රතිවාදීන් හොඳින් දන්නා බැවින් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වැළැක්වීමට මෙතරම් උත්සහ දරණ බවයි. 

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග‍්‍රහණයට එක්සත් ජාතික පක්ෂය බියවී සිටින බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර පි‍්‍රයදර්ශන යාපා ප‍්‍රකාශ කළේ.