ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විසින් ලබාදුන් යෝජනාවලිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම නෙත් නිවුස් වෙත කියාසිටියේ, අදාළ යෝජනාවලිය ඊයේ (01) දිනයේ පක්ෂය වෙත ලැබුණු බවයි. එහි ඇති කරුණු සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කර අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළා.
කෙසේවෙතත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර පැවසුවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ තීරණය ලබන 05 වැනිදා වනවිට ලැබිය යුතු බවයි.
එහිදී "05 වැනිදා රාත්‍රියේ අවසන් තීරණය ලබා ගැනීම සඳහා වන ක්‍රියාකාරකම්වලට යන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ තීරණයත් එක්ක 06 වැනිදා ඇප මුදල් තැන්පත් කිරීම අවසන් වුණාට පසු අපි ඉදිරි ජනාධිපතිවරණයේ ක්‍රියාදාමයන් ඉස්සරහට ගෙනියනවා." යනුවෙන්ද සඳහන් කළා.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩනැගීමට මේ වනවිට බාධාව වී ඇත්තේ ලාංඡනයයි. කෙසේවෙතත් පොහොට්ටුව යනු ජනතාවගේ ආදරය දිනූ පක්ෂ ලාංඡනය බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසා ප‍්‍රකාශ කළා.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගතවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට පසුබට නොවන බවයි.
මේ අතර, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් ඊයේ (01) රාති‍්‍රයේ සිදුව ඇති බවට ද වාර්තා වනවා. එහිදී ද ප‍්‍රධාන වශයෙන් අවධානය යොමුව ඇත්තේ පොහොට්ටුව ලාංඡනය සම්බන්ධයෙන්.
ජනාධිපති නිල නිවසේ මෙම හමුව පැයකට අධික කාලයක් පැවති බව ද නෙත් නිවුස් වෙත වාර්තා වුණා. කෙසේවෙතත්, මෙම සාකච්ඡාවේදී ද පොහොට්ටුව ලාංඡනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූව පිළිබඳ අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.