සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර 03 වන සහ අවසන් එක්දින තරගය අද (02) පැවැත්වෙනවා. ඒ, කරච්චි කී‍්‍රඩාංගනයේදීයි.
තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණු අතර දෙවන තරගයෙන් පාකිස්තානය ලකුණු 67 ක ජයක් අත්කර ගත්තා. ඒ අනුව තරගාවලියේ පරාජයෙන් බේරීමට ශ‍්‍රී ලංකා පිල අද තරගය ජය ගැනීම අනිවාර්යයි.
අද තරගයේදී බොහෝදුරට ශ‍්‍රී ලංකා පිලේ වෙනස්කම් 02 ක් සිදුවිය හැකි බවට වාර්තා පළවනවා. ඒ අනුව වේගපන්දු යවන කී‍්‍රඩක කසුන් රාජිත හා පිතිකරුවෙකු වන ඇන්ජලෝ පෙරේරාට අද අවස්ථාවක් හිමිවනු ඇති බවටයි පැවසෙන්නේ.
2017 වසරේ සිට ගත් කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති තරග 07ම ජයගෙන ඇත්තේ පාකිස්තානයයි.