පාස්කු ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) අවසර ලබා දුන්නා.
ඒ අනුව මෙම පෙත්සම් ජනවාරි මස 20 වැනි දා විභාගයට ගැනීමට දින නියම කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියේ සඳහන් මූලික අයිතිවාසිකම් බැලූ බැල්මට උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.
ඒ අනුව අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය මීළඟ දින පෙනී සිටීමට නොතීසි නිකුත් කර තිබෙනවා.
මෙම නියෝගය අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු සිසිර ද ආබෲ, විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන, විනිසුරු ප්‍රසන්න ජයවර්ධන, විනිසුරු එල්.ටී.බී.දෙහිදෙනිය සහ විනිසුරු මුර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කරන ලදී .
----------------------
පෙත්සම් 12 විභාගයට අවසර දෙනවාද? නැද්ද? - නියෝගය අද
(02-10-2019 09:20)
පාස්කු ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් විභාගයට ගැනීමට අවසර ලබා දෙනවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය අද (02) දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මෙම නියෝගය අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු සිසිර ද ආබෲ, විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන, විනිසුරු ප්‍රසන්න ජයවර්ධන, විනිසුරු එල්.ටී.බී.දෙහිදෙනිය සහ විනිසුරු මුර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.