හිටපු අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
හිටපු අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය w.p. ඒකනායක මෙලෙස ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමටයි තීරණය කර ඇත්තේ.
මේ අතර මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහය දැක්වීමට දෙමළ ප‍්‍රගතිශීලී සන්ධානය තීරණය කර තිබෙනවා. ඒ, ඊයේ පස්වරුවේ පැවති එම සන්ධානයේ විධායක සභාවේදීයී.
වත්මන් ආණ්ඩුව නියෝජනය කරන දෙමළ ප‍්‍රගතිශීලී සන්ධානය සමන්විත වන්නේ අමාත්‍ය මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, අමාත්‍ය පලනි දිගම්බරම්ගේ නායකත්වයෙන් යුත් ජාතික කම්කරු සංගමය, කැබිනට් නොවන අමාත්‍ය වී. රාධක‍්‍රිෂ්ණන්ගේ නායකත්වයෙන් යුත් කඳුරට ජනතා පෙරමුණ යන දේශපාලන පක්ෂවලින්.
ලංකා කම්කරු කොංග‍්‍රසය ද එක්සත් ජාතික පක්ෂයට සහය දැක්විමට තිරණය කර තිබෙනවා. ඒ අනුව වතු කම්කරු ප‍්‍රජාව නියෝජනය කරන ප‍්‍රධාන දේශපාලන පක්ෂ කණ්ඩායම් දෙකම අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහයෝගය දැක්වීමටයි තිරණය කර ඇත්තේ. මෙම සියලූ දේශපාලන පක්ෂ ඉකුත් මැතිවරණයේදී ද සහය දැක්වූයේ එක්සත් ජාතික පෙරමුණටයි.