Thursday, February 13, 2025

General line - 0115112241

වැඩබලන සොලිසිටර් ජනරාල් පත් කෙරේ

තරංග රුක්ෂාන්




අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම්, වැඩබලන සොලිසිටර් ජනරාල් ලෙස පත්කර තිබෙනවා. වහාම කි‍්‍රයාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදු කර ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි. 

නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහගේ වැඩතහනම් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉකුත් දා තීරණය කළා. ඒ, ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග පැවැත්වූ බව කියන මතභේදාත්මක දුරකතන ඇමතුමට සම්බන්ධ සිද්ධිය පදනම් කර ගනිමින්.

මෙම දුරකථන ඇමතුම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා විසින් ඉකුත් දා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් ද සිදුකරනු ලැබුවා.