Thursday, February 13, 2025

General line - 0115112241

විමල්ට එරෙහි නඩුවක් කැඳවීමට දින නියම කෙරේ

අධිකරණ වාර්තාකරු




පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව විසින් ගොනුකළ දූෂණ නඩුවක් නොවැම්බර් මස 27 වනදා කැඳවීමට අද නියෝග කළා.

ඒ, එම නඩුව කොළඹ මහාධිකරණයේ කැඳවු අවස්ථාවේදීයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ වසර හයක් තුළ සිය ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් මිලියන 75 පමණ වටිනා මුදල් සහ දේපල අයථා ලෙස උපයා ගෙන ඇතැයි පවසමින්.

කෙසේ වෙතත් අසනීප තත්ත්වයක් නිසා පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ අද දින අධිකරණයේ පෙනී නොසිටින බවයි ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ.