Thursday, February 13, 2025

General line - 0115112241

ශ‍්‍රී ලංකාවට එරෙහිව ඔස්ටේ‍්‍රලියානු කාන්තා කී‍්‍රඩිකාවකගෙන් ලෝක වාර්තාවක්

තරංග රුක්ෂාන්




ජාත්‍යන්තර පන්දුවාර 20 කාන්තා කි‍්‍රකට් තරගයකදී කී‍්‍රඩිකාවක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව අද බිඳ වැටුණා.

ඒ, ශ‍්‍රී ලංකා සහ ඔස්ටේ‍්‍රලියා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම් අතර පැවැති තරගයේදීයි.

ඔස්ටේ‍්‍රලියාවේ ඇලීසා හේලි මෙම නව ලෝක වාර්තාව බිහිකළේ පන්දු 61කදී නොදැවී ලකුණු 148 ක් රැස් කරමින්.

ඊට 6 යේ පහර 07 ක් සහ හතරේ පහර 19 ක් ඇතුළත්. ඇය මෙලෙස බිඳ හෙළුවේ මීට මාස 03 කට පෙර ඔස්ටේ‍්‍රලියාවේම මැග් ලැනින් එංගලන්තයට එරෙහිව පන්දු 63 කදී නොදැවී ලකුණු 133 ක් රැුස් කරමින් පිහිටුවා තිබූ වාර්තාවයි.  

මේ අතර අද පැවැති තරගයෙන් ඔස්ටේ‍්‍රලියානු කාන්තා කණ්ඩායම ලකුණු 132 ක දැවැන්ත ජයක් අත් කර ගත්තා.