Thursday, February 13, 2025

General line - 0115112241

ජනපති සටනට ඇප තැන්පත් කළ ගණන විසි දෙනෙකු දක්වා ඉහළට

සමන්ත කුමාර




2019 ජනාධිපතිවරණය සදහා තවත් අපේක්‍ෂකයන් තිදෙනෙකු අද ඇප මුදල් තැන්පත් කළා.

ස්වාධීන අපේක්‍ෂකයන් ලෙස සමරවීර වීරවන්නි සහ අශෝක මඩිගමංගාව ඇප මුදල් තැන්පත් කළ අතර ශී‍්‍ර ලංකා කම්කරු පක්‍ෂය වෙනුවෙන් ඒ.එස්.පී. ලියනගේද අද ඇප මුදල් තැන්පත් කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සදහා අද දිනය අවසන් වනවිට මෙවර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන් ගණන 20 ක්.

මෙවර ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කිරීම එළඹෙන 6 වනදා මධ්‍යහ්න 12 න් අවසන් වනවා.