Thursday, February 13, 2025

General line - 0115112241

හබරණ අලි මරණ ගැන අලූත් සැකයක්

සමන්ත කුමාර




මීට සති තුනකට පමණ පෙර සිදුවූ කලාවැව ජාතික වනෝද්‍යානයේ වනඅලීන් පන්නා දැමීමේ සිද්ධියක් සහ පසුගියදා හබරණ රක්‍ෂිතයේ වනඅලීන් 7 දෙනෙකු අභිරහස් ලෙස මියයාමේ සිද්ධිය අතර සම්බන්ධයක් පවතින්නේ දැයි සැක මතුවන බව පිළිබද සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න දඹුල්ලේ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව කියාසිටියා.

කලාවැවේ ජලය පානය කිරීමට පැමිණ සිටි වනඅලීන් සියයක් පමණ එලෙස පලවා හැර ඇති බවයි මෙම මාධ්‍ය හමුවේදී අනාවරණ කෙරුණේ. ඊට අදාළ වීඩියෝ පටයක්ද එහිදී මාධ්‍ය වෙත මුදා හැරුණා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම ගමගේ ඇතුළු පිරිසක් වනඅලීන් පලවා හරින ආකාරය එම වීඩියෝ පටයේ දැක්වෙනවා. මාධ්‍ය හමුවේදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායකවරයා ඒ පිළිබද අදහස් දැක්වූයේ මෙලෙසයි. 



කලාවැව ජාතික උද්‍යානය සංචාරකයන්ගෙන් තොර කලාපයක් බවට පත් කර ගැනීමට ජාවාරම්කරුවන් උත්සාහ දරණ බවයි මෙහිදි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.