Thursday, February 13, 2025

General line - 0115112241

එජාපයේ ආරාධනය ගැන නිදහස් පක්ෂයේ තීන්දුව ඔක්තෝම්බර් 06 වෙනිදා ?

දිනුක් හේවාවිතාරණ




ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවිමේ තීරණය අසාර්ථක වුවහොත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයට එක්විම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සලකා බැලිමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර ඊයේ (01) රාත්‍රියේදී පැවති සාකච්ජාවේදි මේ සම්බන්ධයෙන් සාකච්ජාවට ලක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර මේ වන විට පොහොට්ටුව ලකුණ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු එකගතාවයකට පැමිණිමට නොහැකිව තිබෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනිම සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව යලි ඔක්තෝම්බර් මස 05 වෙනිදා හමුවීමට නියමිතව තිබෙනවා.

යම් හෙයකින් මධ්‍යම කාරක සභාවේදි පොදුජන පෙරමුණ සමග සන්ධාන ගත නොවිමට තීරණය වුවහොත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර යලි ඔක්තෝම්බර් 06 වෙනිදා සාකච්ජාවක් පවත්වා අවසන් තීන්දුවකට එළඹීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.