නොදන්වා සේවයට වාර්තා කර නොමැති දුම්රිය සේවකයන් සේවය හැරගියා සේ සැලකන බවට දුම්රි සාමානාධිකාරීවරයා විසින් දැනුම්දීමක් කර තිබෙනවා.
වැඩබලන ප‍්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසුවේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත පැවරී ඇති වගකීම අනුව ඔහු එම දැනුම්දීම කර ඇති බවයි.
මේ අතර දුම්රිය සේවක වර්ජනය කි‍්‍රයාත්මක වුවද අද පස්වරුවේද දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබුණා.
ප‍්‍රධාන මාර්ග සියල්ල ආවරණය වන පරිදි එම දුම්රියන් යෙදවූ බවයි දුම්රිය බලධාරීන් පැවසුවේ.