සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර 3 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය කරච්චි ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වෙනවා. කාසියේ වාසිය හිමිකර ගෙන පළමුව පන්දුවට පහර දෙන
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 ක් අවසානයේ කඩුළු 9 ක් දැවී ලකුණු 297 ක් රැස් කර ගනු ලැබුවා.
විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක ලකුණු 133 කට දැවී ගියා. ඔහුගේ ඉනිම හතරේ පහර 16 කින් සහ එක් හයේ පහරකින් වර්ණවත් වුණා.
මේ අතර අද තරගයේදී එක්දින වරම් ලැබූ මිනෝද් භානුක සහ නායක ලහිරු තිරිමාන්න ලකුණු 36 බැගින් රැස් කළා.