Thursday, February 13, 2025

General line - 0115112241

2015 ජනාධිපතිවරණයේ දී මෙන් මෙවරත් සිදුවෙමින් යන දෙයක් පොහොට්ටුව පෙන්වයි

ලහිරු කපුගේ




2015 ජනාධිපතිවරණයේ දී මෙන් මෙවර ජනාධිපතිවරණයේ දී ද රට තුළ ශක්තිමත් නායකත්වයක් ගොඩ නැගීමට එරෙහිව විදෙස් බලවේග ක‍්‍රියාත්මක වන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ පැවසුවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කි‍්‍රයාත්මක විවිධ කුමන්ත‍්‍රණ වලටද, විදෙස් තනාපති කාර්යාල සහ රාජ්‍ය නොවන සංවිධානවලින් අනු බල ලැබෙන බවයි.

මේ අතර මෙරට අමෙරිකානු තනාපති කාර්යාලයේ නිලධාරීන් ඉකුත්දා නුවරඑළිය ප‍්‍රදේශයේ හෝටලයකදී ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායකයින් සමග ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැවැත්වු සාකච්ඡාව සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ අදහස් පල කළා.

එහිදී ඔහු කියා සිටියේ "තොණ්ඩමන් මහතා අමෙරිකානු තානාපති නිලධාරීන් හමුවෙලා සාකච්ඡා කළා නම් ඒක අනිවාර්යයෙන්ම මේ වෙනකොටම ඔවුන් විසින් මේ රටේ මහින්ද රාජපක්ෂ මහතාගේ රජයක් බිහිවීම වැලැක්වීම සඳහා  එක්සත් ජාතික පක්ෂය සමග එකතුවෙලා ඉන්න තීන්දුවක් ගැන සාකච්ඡා කරන්න ඇති." යනුවෙනි.

මේ අතර ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කි‍්‍රයාත්මක කරන ප‍්‍රචාරක වැඩ පිළිවල යටතේ ගෙයින් ගෙට යෑමේ වැඩසටහනේ පළමු අදියර එළඹෙන 05 වැනිදා ආරම්භ වන බව පාර්ලිමේන්තු  මන්තී‍්‍ර දිලූම් අමුණුගම පැවසුවා.