Thursday, February 13, 2025

General line - 0115112241

දුම්රිය සංගම් වර්ජනය මැද අදත් උදෑසන දුම්රිය 13ක් ධාවනය වෙයි

ලහිරු කපුගේ




දුම්රිය සේවකයන් කි‍්‍රයාත්මක කර ඇති වැඩවර්නය අද (03) 08වන දිනටත් කි‍්‍රයාත්මක වනවා.

කෙසේ වෙතත් අද උදෑසන කාලයේ දුම්රිය 13ක් කොළඹ කොටුව දක්වා ධාවනය කර වීමට කටයුතු යොදා ඇති බවයි දුම්රිය බලධාරීන් නෙත් නිවුස කළ විමසීමකදී කියා සිටියේ.

ඒ අනුව ගාල්ල, මහව, හලාවත, මහනුවර , කුරුණෑගල, අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථානවලින් අද අළුයම සහ උදෑසන කාලවල දුම්රිය කිහිපයක් කොළඹ බලා ගමන් ආරම්භ කළා.

මේ අතර නොදන්වා සේවයට වාර්තා කර නොමැති දුම්රිය සේවකයන් සේවය හැරගියා සේ සලකන බවට දුම්රි සාමානාධිකාරීවරයා විසින් ඊයේ (02) දැනුම් දීමක්ද කර තිබෙනවා.