වසර ගණනාවක් පුරා නොවිසදුනු සිය සේවා ගැටළු විසදීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග නොගතහොත් ඉදිරි පැය 48 ක කාළය තුළ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් අරඹන බව ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ පිළිබඳ කරුණු දැක්වූ එම සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස්. කණුගල කියා සිටියේ "ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය ලෙස අපි පැවැති රජයන් සියල්ලක් සමගම අපගේ වෘත්තීය ගැටලු ගැන සාකච්ඡා කළා. විශේෂයෙන්ම සේවා ව්‍යවස්ථාව, නිලධාරීන්ගේ තනතුරු ප්‍රමාණය යන කාරණා සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳා ගන්න විශාල උත්සහයක් දැරුවා පසුගිය කාලයේ. කිසිඳු බලධාරියෙන් අපගේ ඉල්ලීම් ගැන සළකා බැලුවේ නෑ. අපිට කිසිඳු විසඳුමක් මේ දක්වා ලැබිලා නෑ" යනුවෙනි.
සිය සංගමය වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කළ හොත් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳවද ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා කරුණු දැක්වුවා.
එහිදී "වෙන විසඳුමක් අපිට නෑ. ගුවන් තොටුපළ, වරාය වැනි ස්ථානවල පැය 24ක සේවයක් ආගමන විගමන නිලධාරීන් සිදු කරනවා. ඒ සේවාව අඩාල වුවහොත් ගුවන් මගීන්, ගුවන් ගමනාගමනය, නාවුක ගමනාගමනය යන අංශයන් කෙරෙහි ඉතාමත්ම අහිතකර බලපෑමක් ඇති කරයි. අපි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේදී අතිශ්‍ය සැලකිලිමත් වන්නෙත් මේ කාරණා ගැනයි. නමුත් දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ නොවිසදුනු ප්‍රශ්න කෙරෙහි මැදිහත්වීමක් නැත්නම් අපිට විකල්පයකුත් නෑ. " යනුවෙන් සඳහන් කළා.