Thursday, February 13, 2025

General line - 0115112241

යෝෂිත සහ නිතීෂාගේ විවාහ උත්සවය අද (PHOTOS)




විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුතු වන යළි නාවික හමුදාවේ සේවයට එක් වූ  ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද (03) සිදු කෙරෙනවා.

ඒ කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී ආනන්ද ජයසේකර නම් ව්‍යාපාරිකයාගේ දියණිය වන නිතීෂා ජයසේකර සමගයි.

පසුගිය සතියේදී යෝෂිත රාජපක්ෂ යළි නාවික හමුදා සේවයේ පිහිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අවසර ලබාදුන්නා.

යෝෂිත සහ නිතීෂාගේ විවාහ ගිවිස ගැනීම පසුගිය දා සිදු වී තිබුණා.