පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයගේ නම්වලින් බැංකු ගිණුම් පවත්වාගෙන යන්නේද යන්න පරික්ෂා කොට වාර්තා කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (03) මූල්‍ය සමාගම් 80 ට නියෝග කළා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙම නියෝගය නිකුත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
සැකකරුවන්ගේ වත්කම් පරික්ෂා කිරීමේ අරමුණින් මෙම නියෝගය අයැද සිටින බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පවසා සිටියා.
සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශනවලදී තවත් පුද්ගලයන් 70 දෙනෙකුගේ පමණ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව ඔහු පවසා සිටි අතර මැල්කම් රංජිත් කාදිනල්හිමිගේ ප්‍රකාශයක් ඉදිරියෙදී සටහන් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පවසා සිටියා.
වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය දෙසැම්බර් මස 05 වැනිදා ට කල් තබා තිබෙනවා.