Thursday, February 13, 2025

General line - 0115112241

ජනාධිපතිවරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් 

අධිකරණ වාර්තාකරු




නොවැම්බර් මස 16 දා ජනාධිපතිවරණය පැවැත්වීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අත්හිටුවීමට රිට් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (03) රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා. මෙම පෙත්සම ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා විසින් ගොනු කරනු ලැබුවා.

තවද ජනාධිපතිවරණය සදහා ඔක්තෝබර් මස 07 දා නාමයෝජනා කැදවීමට මැතිවරණ කොමිෂන් සභාව ගෙන ඇති තීරණය අත්හිටුවීමට රිට් නියෝගයක් නිකුත් කරන ලෙසට ද පෙත්සම්කරු ඉල්ලා සිටියි.

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 ක් බවත් එය වසර 5 ට සීමා වුවහොත් මහජනතාවගේ ස්වාධිපත්‍යයට හානියක් සිදු වන බව පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු එම කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ නීතිපතිවරයා නම් කර ඇත .