ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ, ගෝඨාභය රාජපක්‍ෂ ඉදිරි ජනාධිපතිවරණය සදහා පොහොට්ටුව ලකුණින් තරග කරන්නේ නම් ඒ සදහා සහාය ලබාදීමට නොහැකි බව දන්වමින්.
මේ අතර ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් තිදෙනෙකු අතර සාකච්ඡාවක් අද රාති‍්‍රයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දිසානායක නෙත් නිවුස් වෙත සදහන් කළේ පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් එම සාකච්ඡුාවට සහභාගි වන බවයි.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග පවත්වන සාකච්ඡා සාර්ථක කර ගැනීමට සිය උපරිම උත්සාහය ගන්නා බවයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ති‍්‍ර මහින්ද අමරවීර ප‍්‍රකාශ කළේ.