ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාර ගන්නා ලබන සදුදා දිනයේ කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ඨාශ 03ක සියළු පාසල් හා ශී‍්‍ර ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 03ක් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
මැතිවරණ කොමිෂන් සභාව කළ ඉල්ලීමකට අනුව එම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.
ඒ අනුව බොරැුල්ල, දකුණු කොළඹ හා මැද කොළඹ කොට්ඨාශවල සියළුම පාසල් ලබන සදුදා වසා තැබෙනු ඇති. ශී‍්‍ර ජයවර්ධනපුර කලාපයේ රාජගිරිය ජනාධිපති විද්‍යාලය, රජගිරිය හේවා විතාරණ විද්‍යාලය සහ රජගිරිය හේවා විතාරණ ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයද එදින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළා.
මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයන්ගේ දේශපාලන පක්‍ෂවල නියෝජිතයන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡුාවක් ඊයේ පැවැත්වුණා.
ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මෙලෙස අදහස් පළ කළා.