යම් සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු එම සේවකයින් සාධාරණ හේතුවක් නොමැතිව සේවයට වාර්තා නොකළහොත් නීතියට අනුව ඔවුන් සේවය හැරගියා සේ සළකන බව නීතිවේදීන් පෙන්වා දෙනවා.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන මහාචාර්ය, නීතිඥ ප‍්‍රතිභා මහානාම හේවා.
වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිතිවලට එරෙහිව මගී ජනතාවටද ඒ සම්බන්ධයෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ කළේ යැයි පවසමින් අධිකරණයේ නඩු පැවරිය හැකි බවද ඔහු සදහන් කළා.