උදා ගම්මාන විවෘත කිරීමේ ප‍්‍රචාරක කටයුතු සදහා එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස විශාල මුදල් ප‍්‍රමාණයක් නාස්ති කරමින් සිිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජානක වක්කුඹුර පවසනවා.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
ජනාධිපතිවරණ සමයේ මේ දක්වා රාජ්‍ය මුදල් අවභාවිත කළ කිසිදු පුද්ගලයෙකුට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාව මෙතෙක් නිසි පියවර ගෙන නොමැති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ මෙහිදී ප‍්‍රකාශ කළේ.