නොවැම්බර් මස 16 දා ජනාධිපතිවරණය පැවැත්වීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අත් හිටුවීමට රිට් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කළා.
මෙම පෙත්සම විභාගයට ගැනීමට නීතිමය පදනමක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් පසුව එය නිෂ්ප්‍රභා කිරීමට නියෝග කරනු ලැබුවා. මෙම පෙත්සම ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා විසින් ගොනු කරනු ලැබුවා.
තවද ජනාධිපතිවරණය සදහා ඔක්තෝබර් මස 7 දා නාමයෝජනා කැදවීමට මැතිවරණ කොමිෂන් සභාව ගෙන ඇති තීරණය අත් හිටුවීමට රිට් නියෝගයක් නිකුත් කරන ලෙසට ද පෙත්සම්කරු ඉල්ලා සිටියා. වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 ක් බවත් එය වසර 5 ට සීමා වුවහොත් මහජනතාවගේ ස්වාධිපත්‍යයට හානියක් සිදු වන බව පෙත්සම්කරු පවසා සිටියා.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු එම කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ නීතිපතිවරයා නම් කර ඇත .