Thursday, February 13, 2025

General line - 0115112241

මෛත්‍රී - බැසිල් තීරණාත්මක හමුව හෙට

හේමන්ත කහවලගේ/කසුන් කැළුම්




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

එම සාකච්ඡාවේදි දෙපාර්ශවයම සන්ධානගත වනවාද? නැද්ද? යන්න අවසන් එකඟතාවයකට පැමිණෙනු ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. හෙට පැවැත්වීමට නියමිත ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට පෙර ජනාධිපතිවරයා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බවද වාර්තා වනවා. 

ජනාධිපතිවරයා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ අතර හෙට පැවැත්වෙන සාකච්ඡුාවේදී දෙපාර්ශවය අතර ගිවිසුම් ගතවීමට යෝජිත අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරෙනු ඇති. එමෙන්ම තවමත් විසදී නොමැති ලකුණ සම්බන්ධයෙන්ද හෙට පැවැත්වෙන සාකච්ඡාවේදි අවසන් තීරණයකට එළඹෙන ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් අද කොළඹට කැඳවා තිබෙනවා. තවත් නොබෝ වේලාවකින් ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඔවුන් සමග සාකච්ඡුාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. 

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දිසානායක ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.