Thursday, February 13, 2025

General line - 0115112241

දැයට අනාගත නායකයන් තනනා නෙත් යූ ආර් අ ලීඩර් වැලිමඩට




නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන කඳවුරේ 44 වැන්න අද උදෑසන  ආරම්භ වුණා. රටට නායකයන් නිර්මාණය කරන යූ ආර් ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන කඳවුර මෙවර පැවැත්වෙන්නේ වැලිමඩ කැප්පෙටිපොළ මහ විද්‍යාලයේදී .

එම සමාරම්භක  උත්සවයට එක්වෙමින් එහි විදුහල්පති එස් බි සරත් සමරකෝන්  සඳහන් කළේ දරුවෙකුගේ ජීවිතය හැඩ ගස්වන්න මෙවැනි නායකත්ව පුහුණු   වැඩසටහන් අත්‍යාවශය බවයි. එම අවස්ථාවට වැලිමඩ  කැප්පෙටිපොළ ලංකා බැංකුව නියොජනය කරමින්  එහි කළමනාකරණි නදිෂා වික‍්‍රමරත්න එක්ව සිටියා.

මේ වනවිට දරු දැරියන් සඳහා දිරි දීමේ දේශණ පැවැත්වෙනවා .

වඩාත් හොඳ මගපෙන්වන්නෙකු වීම සඳහා මව්පියන්ට දිරිදෙන පුහුණු සැසියක් අද සවස 03.00 වලිමඩ කැප්පෙටිපොළ  මාධ්‍ය  මහ විද්‍යාලයේදී  පැවැත්වීමට  නිියමිතයි. මෙම වැඩසටහනට උණන්දුවක් දක්වන  ඕනෑම  මවිවරුන්ට සහ පියවරුන්ට  ඒ සදහා සහභාගි වීමට හැකියි.