ඉදිරි ජනාධිපතිවරණය සඳහා අද දිනයේදී අපේක්ෂකයින් 08 දෙනෙකු මේ දක්වා ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කර සිටිනවා. එහි ප්‍රකාශකයෙක් සඳහන් කලේ මේ දක්වා අපේක්ෂකයින් 29 දෙනෙකු ඇප තැනපත් කර ඇති බවයි.
අද දිනයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, සිහල දීප ජාතික පෙරමුණ වෙනුවෙන් ජයන්ත ලියනගේ, ජාතික ජනතා ව්‍යාපාරය වෙනුවෙන් හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක, පෙරටුගාමී පක්ෂය වෙනුවෙන් දුමින්ද නාගමුව ඇප තැන්පත් කර තිබෙනවා.
ඊට අමතරව බසීර් සේගුදාවුද්, පියසිරි විජේනායක, හිටපු අමාත්‍ය මහචාර්ය රජීව් විජේසිංහ ස්වාධින අපේක්ෂකයින් ලෙස අද ඇප තැන්පත් කල බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියෙක් සඳහන් කලේ.
අද දිනයේදී පෙරවරු 4.00 දක්වාත් යලි ලබන ඉරිදා (06) පෙරවරු 9 සිට දහවල් 12 දක්වා ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප තැන්පත් කිරීමට අපේක්ෂකයින්ට අවස්ථාව හිමිවනවා.
අද දිනයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කලේ මේ දක්වා පවත්වා ඇති ජනාධිපතිවරණයන් සඳහා වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් ඇප තැන්පත් කරනු ලැබුවේ මෙම නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් බවයි.