Thursday, February 13, 2025

General line - 0115112241

ගෝඨාභය ගේ තීන්දුව සවස 6 ට 

අධිකරණ වාර්තාකරු




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ පුරවැසි භාවයට එරෙහිව ගොණු කළ පෙත්සමේ තීන්දුව අද පස්වරු 6.00 ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එම පෙත්සමේ මූලික කරුණු විමසීම අභියාචනාධිකරණයේදී අද අවසන් වූ අතර ලිඛිත දේශණ ගොණු කිරීම සදහා අද පස්වරු 3.30 ට අවස්ථාව ලබාදී තිබෙනවා. මීට පෙර ලිඛිත දේශණ ගොණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබුණේ පස්වරු 3.15 ටයි.

මෙම පෙත්සමේ වැඩිදුර කරුණු විමසීම අද 3 වන දිනටත් අභියාචනාධිකරණ සභාපති, විනිසුරු යසන්ත කෝදාගොඩ, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබුවා.