Thursday, February 13, 2025

General line - 0115112241

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

සජිත් තිලකරත්න




නොවැම්බර් මස 16වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන් වනවා. තැපැල් ඡන්ද අයදුම්පත් තවමත් තැපැල් නොකළ පුද්ගලයන් සිටීනම්, එම අයදුම්පත් තැපැල් නොකොට ළගම පිහිටි මැතිවරණ කාර්යාලයට ලබාදෙන ලෙසයි මැතිවරණ කොමිසම ඉල්ලා සිටින්නේ.

එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අද (04) පැවැති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.