Thursday, February 13, 2025

General line - 0115112241

වර්ජනයේ නිරත සේවකයින්ට දුම්රිය සාමාන්‍යාධිකාරිගෙන් දැනුම්දීමක්

නිශාන් ද සිල්වා




සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් වහාම සේවයට වාර්තා කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට දැනුම්දීමක් කර තිබෙනවා.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ඊයේ (03) රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බැවින් සේවයට වාර්තා නොකරන සියලුම සේවකයින්, සේවය හැරගියා සේ සලකන බවටයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දැනුම් දී ඇත්තේ.

වර්ජනයේ නිරත සියලුම් දුම්රිය සේවකයින් වෙත ඒ සම්බන්ධයෙන් ලිපි යොමුකිරීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.