Thursday, February 13, 2025

General line - 0115112241

ගෑස් මිල රු. 251කින් අඩු කෙරේ 




අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12 යි දශම 5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල කොළඹ දිස්ත්‍රික්කය තුළ රුපියල් 240 කින් අඩුකෙරෙන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ.

කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට රුපියල් 251 කින් අඩු කෙරෙනු ඇති. කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95 කින් සහ කිලෝ ග්‍රෑම් 2.3 කුඩා ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 30 කින් අඩුකෙරෙන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ.