කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අවට මේ වන විට ආරක්ෂාව තරකර ඇති බව අප නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කර සිටිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සමේ තීන්දුව අභියාචනාධිකරණය විසින් අද (04) පස්වරු 6.00 ට ලබාදීමට නියමිතව තිබෙනවා.
මේ වන විට අධිකරණ භුමිය වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජන කරන දේශපාලඥයින් කිහිප දෙනෙක්ද පැමිණ ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.