Thursday, February 13, 2025

General line - 0115112241

ගෝඨාභයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභකරයි

දිනුක් හේවාවිතාරණ/ මහේෂ් චතුරංග




ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණය මිට සුළු මොහොතකට පෙර ඒකමතිකව තීන්දු කරනු ලැබුවා.

මෙම පෙත්සම මෙම පෙත්සම සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන අය විසින් ගොනු කරනු ලැබුවා.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාග කරනු ලැබුවා.

අභියාචනාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා ද මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. 

මෙම පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාව දැක බලා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අභියාචනාධිකරණයට පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රැස්ව සිටි පිරිස ප්‍රීතිගෝෂා නගමින් සතුට පළ කළ බව ද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.