තේ වත්තේ සිදු වු පිපිරිමකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් තිදෙනෙක් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පවසනවා.
හැටන් පොලිස් වසමට අයත් දික්ඔය වනරාජා වත්තේ පහල කොටසේ අද (04) පස්වරු 3 ට පමණ එකවරම පිපිරිමක් සමග දුමාරයක් පිටවු බවත් ඉන් තේදළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් තිදෙනෙක් තුවාල ලබා ඇති බවයි හැටන් පොලිස් පැවසුවේ.
තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් දෙදෙනක් සුළු ශල්‍යකර්මයකට භාජනය කල බවත් තුවාල ලබා ලැබු වතු කම්කරු කාන්තාවන් තිදෙනාගේ තත්ත්වය බරපතල නොවන බවයි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කර සිටියේ.
පිපිරිම සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය සැකකරන්නේ සතුන් දඩයම් කිරිම සදහා ඇතැම් වතු කම්කරුවන් හක්ක පටස් වැනි මර උගුල් තේ වතු වල අටවා තිබෙන බවත් එවැනි හක්ක පටස් මරඋගුලක් තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ පයට පැගිමෙන් පුපුරා යන්නට ඇති බවයි.
තේ වත්තේ එකවරම ඇති වු පිපිරිමත් සමග එහි වැඩ කරමින් සිටි අනෙකුත් වතු කම්කරුවන් භිතියට පත් වි එම ස්ථානයෙන් ඉවත් වු බවයි වතු පාලන අධිකාරිවරයා කියා සිටියේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.