Thursday, February 13, 2025

General line - 0115112241

දේශීය ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීම අරමුණයි : ගෝඨාභය රාජපක්ෂ

හේමන්ත කහවලගේ




දේශීය ව්‍යාපාරිකයන් ශක්තිමත් වන ආකාරයේ විධිමත් පසුබිමක් සැකසීම සිය අරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඒ සඳහා මේවනවිටත් ක්ෂේත්‍ර රැසක විද්වතුන්ගේ අදහස් හා මතයන්ට අනුව ආර්ථික වෙනස්කම් රැසක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දුන්නේ. තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ සාමාජිකයන් සමග පැවති හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.

දේශීය හා විදේශීය වෙළෙඳපොළ ජයගැනීමට ව්‍යාපාරිකයින් දිරිගැන්වීමේ ක්‍රමෝපායන් රැසක් තම කණ්ඩායම හඳුනාගෙන ඇති බව ද ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙහිදී කියා සිටියා.