තහනම් උත්තේජක පිළිබඳ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුවත් කිරීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (04) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
කෙසේවෙතත් ගොඩනැගිලි විවෘත කෙරුණ ද ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් අපේක්ෂිත සේවාවන් ඉටුනොවන බවට ඇතැම් ක්‍රීඩකයින් චෝදනා කරනවා. මෙවර දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලට සහභාගීවීමට නියමිත ක්‍රීඩා සංචිතයට අයත් ක්‍රීඩකයෙකු ඒ පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.