Thursday, February 13, 2025

General line - 0115112241

මෙවර ජනපතිවරණයේ විශේෂත්වයක් මැකො හෙළි කරයි

සජිත් තිලකරත්න




අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරන රාජ්‍ය උත්සව පැවැත්වීම වැළැක්වීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති මහින්ද දේශප්‍රිය අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ එලෙස කටයුතු නොකරන රාජ්‍ය නිලධාරීන් මැතිවරණ කොමිසමේ විධාන කඩකිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවයි. 

මේ අතර මෙවර ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින් ගණන අද දිනය වනවිට 33 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත්ව සිටින වැඩිම අපේක්ෂකයින් ගණන මෙයයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් ගණන ඉහළයාම හේතුවෙන් මෙවර ජනාධිපතිවරණයේ වියදම ද ඉහළයනු ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ. 

ජනාධිපතිවරණයක් පැවැත්වෙන අවස්ථාවේ බලයේ සිටින ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හෝ විපක්ෂ නායකවරයා යන තිදෙනාගෙන් එක් අයෙකු හෝ ඉදිරිපත් නොවන ජනාධිපතිවරණය මෙය විය හැකි බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දුන්නා.