Thursday, February 13, 2025

General line - 0115112241

නොමග යවන සුළු තොරතුරු ඇතුළත් කරන්නන්ට ෆේස්බුක් සමාගම එරෙහි වෙයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




රටවල් කිහිපයක පුද්ලයින්ට අයත් ෆේස්බුක් ගිණුම් රැසක් අවහිර කිරීමට ෆේස්බුක් සමාගම පියවර ගෙන තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් නොමගයවන සුළු අන්තර්ගතයන් ඇති ෆේස්බුක් ගිණුම් මෙලෙස අත්හිටුවා ඇති බවයි.

අදාළ ෆේස්බුක් ගිණුම් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, නයිජීරියාව සහ ඉන්දුනීසියාව යන රටවල පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට අයත් බව සඳහන්.

ඒ අනුව ඔවුන්ට අයත් ෆේස්බුක් ගිණුම් 443 ක්, ෆෑන් පේජ් 200ක් සහ ෆේස්බුක් ගෲප් 76 ක් ෆේස්බුක් සමාගම විසින් මෙලෙස අවහිර කර තිබෙනවා. ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් 125 ක්ද අවහිර කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.